30.6 C
Colombo
Friday, June 27, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsදේශබන්දුගේ පරීක්ෂණ පක්ෂග්‍රාහියි

දේශබන්දුගේ පරීක්ෂණ පක්ෂග්‍රාහියි

මැයි 09 වැනිදා සිද්ධියට අදාළව ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පක්ෂග්‍රාහීව කටයුතු කරන බව අධිකරණයට නිරීක්ෂණය වන්නේ යැයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (22) විවෘත අධිකරණයේදී සඳහන් කළේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කරන විමර්ශන නිලධාරියා පක්ෂග්‍රාහීව කටයුතු කරන බවට අධිකරණය නිරීක්ෂණය කළ බැවින් එම නිළධාරියා සම්බන්ධයෙන් පෞද්ගලිකව සොයා බලා සුදුසු පියවරක් ගන්නා ලෙසට මහේස්ත්‍රාත්වරයා පොලිස්පතිවරයාට එහිදී නියෝග කර තිබේ.