31.1 C
Colombo
Friday, September 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනිවසේදීම දරු ප්‍රසූතිය කරන්න පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන් සූදානම්

නිවසේදීම දරු ප්‍රසූතිය කරන්න පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන් සූදානම්

එළැඹෙමින් පවතින බරපතල ඉන්ධන අර්බුදය හමුවේ ගැබිණි මවුවරුන් රෝහල්ගත කළ නොහැකි වන අවස්ථාවල නිවෙසේදීම දරු ප්‍රසූතිය කිරීමට පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන් සූදානමින් සිටින බව රජයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ සංගමයේ සභාපතිනි දේවිකා කොඩිතුවක්කු ප්‍රකාශ කළාය.

තවද රෝහල්වලදී මෙන්ම ඕනෑම ස්ථානයකදී දරු ප්‍රසූතියක් සඳහා අවසරය හා බලය ශ්‍රී ලංකා වෛද්‍ය සභාවෙන් තම සාමාජිකත්වය වෙත පවරා ඇති බැවින් මෙම තීරණය ගත් බව කොඩිතුවක්කු මහත්මිය තවදුරටත් සඳහන් කරයි.

එමෙන්ම ක්ෂේත්‍රයේ රාජකාරි කරන බැවින් රෝහලේදී මෙන්ම ක්ෂේත්‍රයේදීත් ගැබිණි මවුවරුන්ගේ කටයුතුවලදී සහාය දීමට හා රැකවරණය දීමට පවුල් සෞඛ්‍ය සේවිකාවන් බැඳී සිටින බවද සභාපතිනිය අවධාරණය කළාය.

මේ වනවිටත් ග්‍රාමීය ප්‍රදේශවල යම් යම් ප්‍රවාහන දුෂ්කරතා පවතින බැවින් ඉදිරියේ තවත් බැරෑරුම් විය හැකි බවත් ඒ පිළිබඳව සලකා නිවසේ, ක්ෂේත්‍රයේ හෝ ඕනෑම අවස්ථාවකදී දරු ප්‍රසූතියකට මුහුණ දෙන මවකට පහසුකම් සැපයීමට පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් සූදානම් කරන බව සභාපතිනිය පැවසුවාය.