27.2 C
Colombo
Tuesday, August 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසති තුනකින් තත්ත්වය බරපතලයි - රෝහල්වල ශල්‍යකර්මත් සීමා වෙයි

සති තුනකින් තත්ත්වය බරපතලයි – රෝහල්වල ශල්‍යකර්මත් සීමා වෙයි

සුනඛයන් සපා කෑමකදී ලබාදෙන එන්නත්, සර්ප විෂට අදාළ ප්‍රතිසර්ප විෂ එන්නත් හිඟවී ඇති බවත් එම නිසා පසුගිය කාලය තුළ රටපුරා පුද්ගලයන් 20ක් පමණ මියගොස් ඇති බවත් සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය ගිශාන්ත දසනායක පවසයි.

ඉදිරි සති තුන ඇතුළතදී රෝහල් පද්ධතිය තුළ අත්‍යවශ්‍ය ඖෂධ වර්ගවල බරපතල හිඟයක් නිර්මාණය වන බවට හෙතෙම අනතුරු අඟවයි.

දැනට ඇතැම් ඖෂධ සඳහා භාවිත කරන ආදේශක ඖෂධ වර්ගද ඉදිරි සති 3 ඇතුළතදී රෝහල් පද්ධතියෙන් අවසන් වනු ඇති බවත් පවතින හිඟය හේතුවෙන් තොග ගබඩාවලින් නිකුත් කරන්නේ ඇනවුම් කරන ප්‍රමාණයෙන් 20%ක පමණ ප්‍රමාණයක් බවත් ඔහු එහිදී කියා සිටියේය.

දැනට රෝහල්වලින් තෝරාගත් රෝගීන්ට පමණක් ඖෂධ දෙන අතර එහිදී වයසින් වැඩි රෝගීන්ට වඩා තරුණ රෝගීන්ට ප්‍රමුඛත්වය දෙන බව දසනායක මහතා සඳහන් කළේය.

එමෙන්ම උපකරණ හිඟය හේතුවෙන් දැනට රෝහල්වල රෝගීන්ගේ ශල්‍යකර්ම කටයුතු සීමා කිරීමටද රෝහල්වලට සිදුව තිබේ.