― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalරනිල් හා ඉන්දීය විදේශ ලේකම් සාකච්ඡා අරඹයි

රනිල් හා ඉන්දීය විදේශ ලේකම් සාකච්ඡා අරඹයි

මේ වන විට මෙරටට පැමිණ සිටින ඉන්දීය විදේශ ලේකම් විනේ ක්වාත්‍රා ප්‍රමුඛ ඉන්දීය ඉහළ පෙළේ නියෝජිත පිරිස සමඟ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සාකච්ඡා ආරම්භ කර ඇතැයි අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි.

ඉන්දීය විදේශ ලේකම්වරයා ඇතුළු ධූත පිරිස එක් දින සංචාරයක් සඳහා අද (23) උදෑසන මෙරටට පැමිණ ඇත.

වත්මන් ආර්ථික තත්ත්වය හමුවේ ඉන්දියාව ශ්‍රී ලංකාවට ලබාදෙන ද්විපාර්ශ්වික සහාය හා සබැඳි කටයුතුවලට අදාළව ඔවුන් මෙරටට පැමිණ තිබේ.

ඉන්දීය මුදල් අමාත්‍යාංශයේ ආර්ථික කටයුතු දෙපාර්තමේන්තුවේ ලේකම් අජේ සෙත් මහතා, ඉන්දීය රජයේ ප්‍රධාන ආර්ථික උපදේශක ආචාර්ය වී. අනන්ත නාගේෂ්වරන් මහතා සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ  ඉන්දීය සාගර කලාපයේ (IOR) සම ලේකම් කාර්තික් පාන්ඩේ මහතා ද එම සංචාරයට එක්ව සිටිති.