28.4 C
Colombo
Tuesday, September 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවිදුලිබල මණ්ඩලයේ හිටපු සභාපති අද කෝප් කමිටුවට

විදුලිබල මණ්ඩලයේ හිටපු සභාපති අද කෝප් කමිටුවට

ලංකා විදුලිබල මණ්ඩලයේ හිටපු සභාපති එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩු අද (23) පෙරවරු 11ට කෝප් කමිටුව හමුවට යළි කැඳවීමට නියමිතය.

පසුගිය 10 වැනිදා කෝප් කමිටුව හමුවට පැමිණ කළ ප්‍රකාශයක් හිටපු සභාපතිවරයා පසුව ඉල්ලා අස්කර ගත් අතර ඒ සම්බන්ධයෙන් ඔහු යොමු කළ ලිපිය පසුගියදා සභාගත කෙරිණ.

එදින කෝප් කමිටුව හමුවට කැඳවූ අවස්ථාවේ විදුලි බල මණ්ඩලයේ හිටපු සභාපති ෆර්ඩිනැන්ඩු මහතා කියා සිටියේ මෙගාවොට් 500ක පුනර්ජනනීය විදුලි ව්‍යපාතීය අදානි සමාගමට ලබාදෙන්නැයි මෝදි අගමැතිවරයා බල කරන බව ජනාධිපතිවරයා තමන්ට ප්‍රකාශ කළ බවයි.

නමුත් පසුව මේ ප්‍රකාශය ඉල්ලා අස්කරගත් ෆර්ඩිනැන්ඩු කියා සිටියේ, මානසික ආතතිය මත එවැනි ප්‍රකාශයක් සිදු කළ බවයි.

පසුව ජනාධිපතිවරයා ද වහා නිවේදනයක් නිකුත් කරමින් ෆර්ඩිනැන්ඩු මහතාගේ ප්‍රකාශය තරයේ ප්‍රතික්ෂේප කළේය.

කෙසේ වෙතත් පසුව ෆර්ඩිනැන්ඩු ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ධුරයෙන්ද ඉල්ලා අස්විය.