27.8 C
Colombo
Thursday, June 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalශ්‍රී ලංකාවට ඉන්දීය රජයේ උපරිම සහාය දෙනවා

ශ්‍රී ලංකාවට ඉන්දීය රජයේ උපරිම සහාය දෙනවා

උද්ගතව ඇති අසීරු අවස්ථාවෙන් මිදීමට සමීප මිතුරෙකු ලෙස ශ්‍රී ලංකාවට ඉන්දීය රජයේ උපරිම සහය දෙන බව ඉන්දීය විදේශ ලේකම් විනේ ක්වාත්‍රා පවසා තිබේ.

ශ්‍රී ලංකාවට තවදුරටත් මූල්‍ය ආධාර දීම සම්බන්ධයෙන් සලකා බැලීමට අද (23) පෙරවරුවේ දිවයිනට පැමිණි ඉන්දීය විශේෂ දූත පිරිස කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමඟ සිදු කළ සාකච්ඡාවේදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.

ඉන්දීය ණය ආධාර යටතේ මේ වන විටත් ශ්‍රී ලංකාවට ඉන්ධන, ඖෂධ, පොහොර ඇතුළු අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලැබී ඇති අතර ඒ පිළිබඳ සමාලෝචනය කළ දූත පිරිස ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහාය දීමට ඉන්දීය රජයත් දේශපාලන අධිකාරියත් කැපවී සිටින බව පවසා තිබේ.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීම සහ යථා තත්ත්වයට පත් කිරීම සඳහා ඉන්දීය ආධාර වැඩපිළිවෙළෙහි ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ දෙපාර්ශ්වය අතර දීර්ඝව සාකච්ඡාවට ලක් කර ඇති අතර දුෂ්කර කාලපරිච්ඡේදය පසු කර ඉතා ඉක්මනින් රට යථා තත්ත්වයට පත්වනු ඇතැයි දූත පිරිස විශ්වාසය පළ කර ඇත.