― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඅද ඉන්ධන මිල යළිත් ඉහළ යයිද?

අද ඉන්ධන මිල යළිත් ඉහළ යයිද?

අද (24) සිට ක්‍රියාත්මක වන පරිදි යළි ඉන්ධන මිල වැඩි කිරීමට සූදානමක් ඇති බවට තොරතුරු වාර්තා වෙයි

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 74 කින්, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 78 කින්, ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 56 කින්, සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 56කින් සහ මේ වනවිට රුපියල් 87කට අළෙවි වන භූමිතෙල් ලීටරයක් රුපියල් 210 ක් දක්වා වැඩි කිරීමට නියමිත බව නිල නොවන ආරංචිමාර්ග සඳහන් කරයි.

මෙලෙස ඉන්ධන මිල ඉහළ යාමට නියමිතව ඇත්තේ මිල සුත්‍රයට අනුව වන අතර පසුගිය මැයි මස 24 වැනිදාද ඉන්ධන මිල ඉහළ දමනු ලැබීය.

ඉන්පසුව විෂයභාර අමාත්‍යවරයා සඳහන් කළේ මසකට වරක් හෝ සති දෙකකට වරක් ඉන්ධන මිල, මිල සූත්‍රයකට අනුව වෙනස් වන බවයි. ඒ අනුව අද (24) සිට ඉන්ධන මිල ඉහළ දැමීමේ වැඩි හැකියාවක් පවතී.