පසුගිය 21 වැනිදා පාර්ලිමේන්තුවේදී සම්මත වූ පනත් කෙටුම්පත් 03ක් කථානායකවරයා විසින් සහතික කර තිබේ.
කාර්මික ආරවුල් (විශේෂ විධිවිධාන), අපරාධ නඩු විධාන සංග්රහය (සංශෝධන) සහ සිවිල් නඩු විධාන සංග්රහය (සංශෝධන) පනත් කෙටුම්පත් සඳහා කථානායක මහින්ද යාපා අබේවර්ධන සිය සහතිකය ඊයේ (23) සටහන් කළේය.