24.5 C
Colombo
Tuesday, January 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරාජ්‍ය සේවකයින් පෞද්ගලික රැකියාවලට යොමුකිරීමට අවධානය

රාජ්‍ය සේවකයින් පෞද්ගලික රැකියාවලට යොමුකිරීමට අවධානය

රාජ්‍ය සේවකයින්ට මෙරටදීම පෞද්ගලික රැකියා සඳහා යොමුවීමට පහසුකම් ලබා දිය හැකිද යන්න සෙවීම සඳහා කමිටුවක් පත් කර තිබේ.

රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් එම්. එම්. පී. කේ. මායාදුන්නේ සඳහන් කළේ වසර 05ක වැටුප් රහිත නිවාඩු මත රාජ්‍ය සේවකයින්ට පෞද්ගලික අංශයේ හෝ වෙනත් රැකියාවක නියුක්ත වීම සඳහා අවසර දිය හැකිද යන්න මෙහිදි අධ්‍යයනය කරන බවයි.‍

පත් කළ කමිටුවට සාමාජිකයින් 7 දෙනෙකු ඇතුළත් වන අතර සති දෙකක් ඇතුළත එම වාර්තාව තමන්ට ලබා දෙන උපදෙස් දුන් බවද ඔහු අවධාරණය කළේය.

එහි නිර්දේශ කඩිනමින් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.