― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsවී මෝල් හිමියන් කබලෙන් ලිපට වැටෙයි

වී මෝල් හිමියන් කබලෙන් ලිපට වැටෙයි

වී මෝල් යන්ත්‍රවල අමතර කොටස් මිල ඉහළ යාම, ඉන්ධන අර්බුදය, බැංකු ණය පොලී මුදල ඉහළ යාම ආදි හේතු නිසා දකුණු පළාතේ සුළු පරිමාණ වී මොල් හිමියන් ගැටළු රැසකට ලක්ව ඇති බව ඔවුන් පවසයි.

මේ වන විට දකුණු පළාතේ සුළු පරිමාණ වී මෝල් රැසක් වැසී ගොස් ඇති අතර ලබා ගත් ණය මුදල් සදහා සහනයක් ලබාදෙන බව සදහන් කළද මේ වන විට ණය වාරිකය සමඟ ණය පොලි මුදලද බැංකු මගින් අය කරන බව සුළු වී මෝල් හිමියන් ප්‍රකාශ කරයි.

ණය ගෙවා ගැනීමට නොහැකි වීම නිසා ඇතැම් වී මෝල් හිමියන්ගේ දේපල වෙන්දේසි කිරිමට පවා ඇතැම් බැංකු මගින් කටයුතු කරමින් සිටින බවද සුළු පරිමාණ වී මෝල් හිමියන් පෙන්වා දුන්නේය.

බැංකු මගින් ලබා ගත් ණය මුදල් සඳහා පොලි සහනයක් ලබා දෙන ලෙස ඔවුහු රජයෙන් ඉල්ලා සිටියි.

රුපියල් 18000ක මුදලට තිබූ වී තලන රබර් පෙට්ටියක මිල මේ වන විට රුපියල් 42000 දක්වා වැඩි වී ඇති බවත් පොලිසැක් බෑග්වල මිලද ඉහළ ගොස් ඇති අතර කිලෝ 50ක සහල් දැමිය හැකි බෑගයක් රුපියල් 85ක්ද, කිලෝ 25 බෑගයක් රුපියල් 61ක් හා කිලෝ 10ක බෑගයක් රුපියල් 44ක් වන බවත් වී මෝල් හිමියන් පවසයි.

වලව රුහුණු වී මෝල් හිමියන්ගේ සංගමයේ සභාපති කේ.පී.ආර් බන්දුල අදහස් දක්වමින් මෙසීද කීය.

බැංකු ණය ගෙවා ගැනිමට නොහැකිව සුළු පරිමාණ වි මෝල් හිමියන් දැඩි අසරණ තත්වයට පත්වෙලා තියෙනවා. බැංකු ණය පොලි මුදල වැඩි කරලා. බැංකු ණය සදහා සහණයක් ලබා දෙන ලෙස අපි ඉල්ලා සිටිනවා. ගොවින් සතුව වි තොග තියෙනවා. නමුත් ගොවින් වි මෝල් සදහා වි ලබා දෙන්නේ නැහැ. කොළඹ නගරයේ සිට ප්‍රඩෝ රථ මගින් ආපු ව්‍යාපාරිකයින් වි කිලෝව රුපියල් 220 වගේ මිලට අරගෙන ගියා මේ නිසා තමයි සහල් මිල වැඩිවුනේ. රජයේ පාලන මිලට සහල් කිලෝවක් දිමට වි කිලෝවක් රුපියල් 120ක මුදලකට තමයි ගන්න වෙන්නේ වි කිලොවක් සදහාද උපරිම මිලක් නියම කළ යුතුයි.