― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඅද සිට ඉන්ධන ලබාදීම ටෝකන් ක්‍රමයට

අද සිට ඉන්ධන ලබාදීම ටෝකන් ක්‍රමයට

ඉන්ධන පෝලිමේ සිටින පුද්ගලයින් සඳහා අද (27) සිට ටෝකන් පතක් ලබාදීමට පියවර ගෙන ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පැවසීය.

අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ඒ සඳහා සෑම ඉන්ධන පිරවුම්හලකටම පොලිසිය හා ත්‍රිවිද හමුදාව යොදවන බවත් පිරවුම්හල වෙත ඉන්ධන ලැබෙන ආකාරයට හා ටෝකන් ලබාදීමේ අනුපිළිවෙල අනුව ඉදිරියේ ඉන්ධන ලබාදීමට පියවර ගන්නා බවත්ය.

කෙසේ වෙතත් ඉදිරි දින කිහිපයේ ඉන්ධන පෝලිම් වෙත පැමිණීමෙන් වළකින ලෙස ප්‍රකාශ කළ අමාත්‍යවරයා කියා සිටියේ අද (27) දිනයේදී ඩීසල් මෙට්‍රික් ටොන් 10,000ක් අයි.ඕ.සී සමාගෙමන් මිලට ගැනීමට අපේක්ෂා කරන බවයි.

පොදු ප්‍රවාහන සේවා, අත්‍යවශ්‍ය සේවා හා තෝරාගත් කර්මාන්ත සඳහා ඉන්ධන ලබාදීමට අපේක්ෂා කරන බව අමාත්‍යවරයා අවධාරණය කළේය.

ඛනිජ තෙල් ඇමතිවරයා, ඉන්ධන පෝලිම්වල රැඳී නොසිටින ලෙසට ජනතාව දැනුවත් කළද ඉන්ධන බලාපොරොත්තුවෙන් ප්‍රදේශ කිහිපයකම ජනතාව ඊයේ රාත්‍රියෙත් පෝලිම්වල රැඳී සිටි අතර ඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහිව ඉන්ධන පිරවුම්හල් අසළදී ජනතාව ඊයේ රාත්‍රී විරෝධාවලද නිරත විය.