― political ―

2019 වගේ ආයෙත් පුහු වීරයෙක්ට රැවටෙන්න එපා

මීට වසර 5කට පෙර ජනතාව රැවටී බංකොලොත් වූ බවත් මෙවර අප තීරණ ගත යුත්තේ පවතින බංකොලොත් භාවයෙන් ගොඩ එනවාද නැතිනම් පවතින බංකොලොත්භාවයෙන් තවත් බංකොලොත්භාවයට...
HomeNewsPoliticalආණ්ඩුව පන්නන්න ජනතාව එළියට බහින දවස වැඩි ඈතක නෑ

ආණ්ඩුව පන්නන්න ජනතාව එළියට බහින දවස වැඩි ඈතක නෑ

ජනතා ප්‍රශ්න අමතක කරමින් මේ ආකාරයට දිගටම කටයුතු කළහොත් ජනතාව ආණ්ඩුවට ගෙදර යන්න යැයි පවසමින් පාරට බසින දවස වැඩි ඈතක නොවන බවත් රටක් පාලනය කරනවා කියන්නේ කොහෙන් හෝ ණයක් ලබාගෙන එදාවේල කළමනාකරණය කරන එක නොවන බවත් වියත්මගේ ප්‍රබල සාමාජික, හිටපු අමාත්‍ය නාලක ගොඩහේවා පැවසීය.

රටේ ආර්ථික ගැටළුව විසඳීමට සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවන්නැයි බොහෝ දෙනෙකු කළ ඉල්ලීම පටලවා ගැනීම වත්මන් ආණ්ඩුවේ අසාර්ථකත්වයට ප්‍රධාන හේතුව බවත් හෙතෙම අවධාරණය කළේය.

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ ගම්පහ ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් හා වෘත්තිකයන් පිරිසක් සමඟ පසුගියදා පැවති රැස්වීමක් අමතමිනි.

එහිදී වත්මන් ආණ්ඩුවට දැඩි දෝශදර්ශනයට ලක් කරමින් ඔහු කතා කර ඇති අතර ආණ්ඩුවට රටේ ප්‍රශ්න විසඳීමට හැකියාවක් නොමැති බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ රටේ ප්‍රශ්න ගැන අද අගමැතිවරයා, ඇමැතිවරුන් කිසිවකුත් කතා නොකරන බවත් ජනාධිපතිවරයාද බොහෝ කාලෙකින් ජාතිය අමතා නොමැති බවත්ය.

දේශපාලන වශයෙන් ජනප්‍රිය නොවන දුෂ්කර තීන්දු වුවත් ගැනීමට සර්ව පාක්ෂික ආණ්ඩුවකින් අවස්ථාව සැලසෙන බවත් සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවන්නැයි බොහෝ දෙනා දිගින් දිගටම ඉල්ලා සිටින්නේ ඒ නිසා බවත් හෙතෙම එහිදී කියා සිටියේය.

පාර්ලිමේන්තුවේ ස්ථිර බලයක් නොමැති මේ ආණ්ඩුව රට වෙනුවෙන් වැදගත් අසීරු තීරණ ගන්නේ කෙසේදැයි තමා ප්‍රශ්න කරන බවත් නාලක ගොඩහේවා ප්‍රකාශ කළේය.