― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඩුබායි ගිය තරුණ තරුණියෝ කබලෙන් ලිපට

ඩුබායි ගිය තරුණ තරුණියෝ කබලෙන් ලිපට

රටේ පවතින දරුණු ආර්ථික හා දේශපාලන අර්බුදය හේතුවෙන් පීඩාවට පත්වී රැකියා සොයා එක්සත් අරාබි එමීර් රාජයට සංචාරක වීසා මගින් පැමිණි තරුණ තරුණියන් විශාල පිරිසක් රැකියා නොමැතිව කබලෙන් ළිපට වැටී අන්ත අසරණභාවයට පත්වී සිටිති.

රැකියාවක් සොයා ගැනීමට ඉතාම ලෙහෙසි විදේශ රාජ්‍ය එමිරේට්ස් රාජ්‍ය බව උපකල්පනය කරන තරුණ තරුණියෝ රැල්ලට මෙන් එමීර් රාජ්‍යට පැමිණෙමින් සිටිති. එසේ පැමිණි විශාල පිරිසක් මාස ගණනාවක් තිස්සේ රැකියා සොයා ගැනීමට නොමැතිව සිගමන් යදින තත්ත්වයට පත්ව සිටිති.

එක්සත් අරාබි එමීරයේ අබුඩාබි, ඩුබායි, සාජා, රසල් අයි කයිමා, අජ්මාන්, පුජේරා ඇතුළු නගර රැසකට පැමිණ රැකියා සොයන්නන් රැකියා සොයා ගැනීමට නොහැකිව අන්ත අසරණභාවයට පත්වී සිටිති.

ව්‍යාජ රැකියා ඒජන්සිකරුවන් රුපියල් ලක්ෂ හතරකට ආසන්න මුදලක් අය කර සංචාරක වීසා ඔස්සේ තරුණ තරුණියන් එක්සත් අරාබියේ විවිධ ප්‍රාන්තවලට එවා ඇතත් ඔවුන් රැකියා නොමැතිව මාස ගණනක කලයක් කුසගින්නේ මහමග නන්නත්තාරයේ ඇවිදිමින් සිටිති.

බොහෝ ව්‍යාජ රැකියා ආයතන මෙම රාජ්‍යයේ විශිෂ්ට ආයතනවල නම් භාවිතා කර ඩිරාම් 4000-5000 (රුපියල් තුන්ලක්ෂ අනූදහස හාරලක්ෂ අනූදහස) අතර වැටුප් ලබාගත හැකි රැකියා ඇබෑර්තු ඇති බව පවසමින් තරුණ තරුණියන් මුළා කර මුදල් අය කරගෙන ති⁣බේ.

මේ දිනවල රටේ සෙල්සියස් අංශක 50 ඉක්මවූ උෂ්ණත්වයක් පවතින අතර රැකියා නොමැති තරුණ තරුණියන් ගිනි අව්වේ රැකියා සොයමින් හා එදි නෙදා ජීවත්වීමට යම් මුදලක් සොයා ගැනීමට සිඟමන් යැදීම සුලබ දසුනක් බවට පත්වී ඇත.