26.7 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපොහොර නැව තවත් ප්‍රමාදයි

පොහොර නැව තවත් ප්‍රමාදයි

යූරියා පොහොර රැගත් නෞකාවක් මෙරටට ළඟාවීම තවදුරටත් ප්‍රමාද වන බව කමර්ෂල් පොහොර සමාගම පවසයි.

ජූලි 06 වැනිදා මෙරටට ළඟා වීමට නියමිතව තිබූ යූරියා පොහොර නෞකාව ප්‍රමාදවීම හමුවේ වෙනත් නෞකාවක් පොහොර රැගෙන මෙරටට ළඟා වන බව එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් සඳහන් කළේය.

ඕමානයේ සිට මෙරටට ළඟා වන මෙම නෞකාවේ මෙට්‍රික් ටොන් 40,000ක යූරියා පොහොර තොගයක් අඩංගු වන අතර කමර්ෂල් පොහොර සමාගම පැවසුවේ ඉන්දීය ණය පහසුකම යටතේ ලද පොහොර තොගයක් එලෙස මෙරටට රැගෙන එන බවයි.

අදාළ පොහොරවල ගුණාත්මක තත්ත්වය පාර්ශ්ව තුනක් මගින් විමර්ශනයට ලක්කෙරෙන බව කමර්ෂල් පොහොර සමාගම පවසයි.