28.9 C
Colombo
Friday, July 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalපෞද්ගලික අංශයත් නිවසේ සිට වැඩ කිරීම යෝග්‍යයි - ඇමති කංචන

පෞද්ගලික අංශයත් නිවසේ සිට වැඩ කිරීම යෝග්‍යයි – ඇමති කංචන

මෙරට ඉන්ධන අර්බුදය හමුවේ අත්‍යවශ්‍ය රාජ්‍ය සේවකයින් හැර සෙසු රාජ්‍ය සේවකයින් නිවෙස්වලට වී මාර්ගගත ක්‍රමය ඔස්සේ රැකියාවන් සිදුකරන පසුබිමක් තුළ පෞද්ගලික අංශයද ඊට අනුගත වීම යෝග්‍ය බව අමාත්‍ය කංචන විජේසේකර පැවසුවේය.

ඒ පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේද කීය.

රාජ්‍ය සේවයේ ඉන්න සියලුදෙනාගෙන් අපි ඉල්ලීමක් කරලා තියෙනවා චක්‍රලේඛවලින්. ඒ වගේම පෞද්ගලික අංශයෙනුත් අපි ඉල්ලීම කරනවා. නිවසේ ඉඳලා සේවය කරන්න පුළුවන් පිරිසක් ඉන්නවා නම්, ඒ පිරිස නවත්වලා ඒක කරන්න කියන ඉල්ලීමක් කරනවා. ඒ වගේම මේ වෙලාවේ අත්‍යාවශ්‍ය නොවන වෙනත් වැඩකටයුතුවලදී ඉන්ධන භාවිත කරලා කරන පුළුවන් තරම් අඩුකරන්න. ඒ වගේම පොදු ප්‍රවාහනයට ප්‍රමුඛතාවය දෙන්න.

මේ අතර රාජ්‍ය ආයතනවල කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යාම සඳහා නැවත දැනුම්දෙන තුරු අත්‍යවශ්‍ය අවම කාර්යය මණ්ඩලය පමණක් කැඳවන ලෙස දන්වමින් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය නව චක්‍රලේඛයක් ඊයේ නිකුත් කළේය.