29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsබස් ගාස්තු වැඩි කිරීමේ තීරණය හෙට

බස් ගාස්තු වැඩි කිරීමේ තීරණය හෙට

එලැඹෙන ජුලි 01 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිත බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් අවසන් තීරණය හෙට (28) ගැනීමට නියමිතය.

මෙරට ඉන්ධන මිල ඉහළ නැංවීමත් සමඟ බස් ගාස්තුවද ඉහළ නැංවිය යුතු බවට බස් සංගම් ප්‍රකාශ කළේය. හෙට (28) ප්‍රවාහන අමාත්‍යවරයා සමඟ පැවැත්වෙන සාකච්ඡාවෙන් අනතුරුව බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගන්නා බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් අචාර්ය නිලාන් මිරැන්ඩා පැවසීය.

සෑම වසරකම ජූලි මස 01 වැනිදා සිට මෙම සංශෝධනය ක්‍රියාත්මක කරන අතර මේ සම්බන්ධයෙන් කාරණා 12ක් යටතේ අදාළ ගණනය කිරීම් මේ වනවිට ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් සිදුකරමින් පවතී.

මෑතකදී ඉන්ධන මිල ඉහළ යෑම හේතුවෙන් ගාස්තු සංශෝධනයකට යා යුතු බවට ඉල්ලීම් සිදුකර තිබෙනවා. මේ සම්බන්ධයෙන් හෙට දිනයේදී ප්‍රවාහන අමාත්‍යවරයා හා අදාළ සංගම් නියෝජිතයින් අතර පැවැත්වෙනවා. ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් සිදුකරනු ලබන ගණනය කිරීම්වලින් අනතුරුව බස්ගාස්තු සංශෝධනයට අදාළ නිර්දේශ ප්‍රවාහන අමාත්‍යාංශය වෙතට ලබාදෙනවා. එහි අනුමතය මත ජූලි 1 වැනිදා සිට ක්‍රියාත්මක කරන්න කටයුතු කරනවා.”