27.2 C
Colombo
Friday, August 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබහින්බස් වීමක් දුරදිග ගොස් අයෙක් ජීවිතක්ෂයට

බහින්බස් වීමක් දුරදිග ගොස් අයෙක් ජීවිතක්ෂයට

කටුනායක, 18 කණුව ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 41 හැවිරිදි පුද්ගලයෙක් බව පොලීසිය පවසයි.

එම පුද්ගලයා කටුනායක, මෝලපාර ප්‍රදේශයේ තාවකාලික නිවසක පදිංචිව සිටි අයෙක් බවට තොරතුරු අනාවරණය වී ඇති අතර පුද්ගලික ආරවුලක් දුරදිග යාමෙන් පුද්ගලයින් තිදෙනෙකු අතර ගැටුමක ඇතිව තිබෙන බව අනාවරණය වී තිබේ.

එහිදී පුද්ගලයින් දෙදෙනකු විසින් ඊයේ (26) මෙම ඝාතනය සිදුකර ඇති අතර
අපරාධයට සම්බන්ධ සැකකරුවන් දෙදෙනා පොලිස් භාරයට ගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් කටුනායක පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.