25 C
Colombo
Thursday, February 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalරටේ පාලන ඉතිහාසයේ මෝඩම රජා ගෝඨාභය රාජපක්ෂයි

රටේ පාලන ඉතිහාසයේ මෝඩම රජා ගෝඨාභය රාජපක්ෂයි

අපේ රටේ පාලන ඉතිහාසයේ මෝඩම රජා ගෝඨාභය රාජපක්ෂ බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පැවසීය.

හෙතෙම මේ බව ප්‍රකාශ කළේ ජාතික ජන බලවේගය විසින් ආරම්භ කළ ‘ආණ්ඩුව පන්නමු පාරට බහිමු’ පෙළපාලි මාලාවේ ඊයේ (26) පැවති අනුරාධපුර පෙළපාලියට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අනුර කුමාර දිසානායක මෙසේද කීය.

ගෝඨාභයට කොහොමත් බෑ. අපේ රටේ පාලන ඉතිහාසයේ මෝඩම රජා ගෝඨාභය රාජපක්ෂ. එයා දන්නේ නෑ මේ ආර්ථිකය ගැන එයාගේ ළගින් ඉන්න එක්කෙනෙක් මට කතා කරලා කිව්වා එයා හිතන් ඉන්නේ වෙන කවුරු හරි හිටියනම් මීට වඩා අප්සට් එයා ඉන්න හින්දලු මේ ගානට හරි බේරිලා තියෙන්නේ.