රටේ ජනතාවගේ අනාගතය වෙනුවෙන් සටන් කළ පිරිස් අද සිරගත කරමින් සිටින බවත් ම්ලේච්ඡත්වය සහ ප්රචණ්ඩත්වය ඇති කළ රාජපක්ෂවරුන් සහ ඔවුන්ගේ කල්ලිය මේ වනවිට නිදැල්ලේ සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළේය.
අත්අඩංගුවට ගත් අරගලකරුවන් බැහැදැකීමට ඊයේ (26) බන්ධනාගාරයට ගිය අවස්ථාවේදී විපක්ෂ නායකවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සජිත් ප්‍රේමදාස මෙසේද කීය.
“අරගලයේ චේතනා තවමත් ජීවමානයි. සමගි ජන බලවේගය ඒ අරමුණු සමඟ නොවෙනස්ව ගමන් කරනවා. රාජපක්ෂවාදය සහ ත්‍රස්තවාදය යන දෙකම අපි ප්‍රතික්ෂේප කරනවා.
ප්‍රචණ්ඩත්වයට උල්පන්දම් දුන් රාජපක්ෂලා දැන් නිදැල්ලේ. නමුත් රට වෙනුවෙන් සටන් කළ අය හිරේ දාලා. මේක අසාධාරණයි.
රාජපක්ෂ පවුල් පාලනය අපි මෙරටින් තුරන් කළ යුතුයි. ඊට අවශ්‍ය දේශපාලන නායකත්වය ලබාදෙන්න අපි සූදානම්. ආණ්ඩුව තෝරා ගැනීමේ අයිතිය ජනතාවට ලබාදිය යුතුයි.“