26.1 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවසර සියයකට පසු රුසියාව අසරණ වෙයි

වසර සියයකට පසු රුසියාව අසරණ වෙයි

සිය වසරකට පසුව පළමුවරට ස්වෛරී බැඳුම්කරයකට අදාළ ගෙවීම් පැහැර හැරීමට රුසියාවට සිදුව තිබේ.

බටහිර සම්බාධක හේතුවෙන් මෙලෙස විදෙස් ණය හිමියන්ට මුදල් ගෙවීමට රුසියාවට නොහැකි වී ඇති බව වාර්තා වෙයි.

ඊයේ දිනයේදී අමෙරිකානු ඩොලර් මිලියන 100ක ණය ගෙවීමක් සිදු කිරීමට නියමිතව තිබුණද රුසියාවට එය ගෙවා දැමීමට හැකියාව නොලැබුණේය. මෙය ණය ගෙවීම පැහැර හැරීමක් ලෙස සැලකෙයි.

රුසියානු හමුදා යුක්‍රේනය ආක්‍රමණය කිරීම හේතුවෙන් ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් රැසක් රුසියාවට එරෙහිව දැඩි සම්බාධක පනවනු ලැබීය. මේ වනවිට රුසියාව තුළ ආර්ථික, මූල්‍ය ගැටලු උත්සන්න වෙමින් පවතින බව විදෙස් වාර්තා සඳහන් කළේය.