25.6 C
Colombo
Sunday, September 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසිපෙට්කෝ පිරවුම්හල් වෙනත් සමාගම් යටතට

සිපෙට්කෝ පිරවුම්හල් වෙනත් සමාගම් යටතට

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධන පිරවුම්හල් වෙනත් සමාගම් වෙත ලබා දීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබේ.

ඊට අදාළ කැබිනට් පත්‍රිකාව අද (27) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පැවසීය.

සංස්ථාව සතුව ඉන්ධන පිරවුම්හල් 1690ක් ඇති බවත් ඒවා වෙනත් සමාගම් වෙත පැවරීමට යෝජනා කරන බවත් ඔහු එහිදී අවධාරණය කළේය.

එවැනි ඉන්ධන පිරවුම්හල් ලබාගන්නා සමාගම් වෙත කොන්දේසි පනවනු ලබන අතර ණය යෝජනා ක්‍රමය යටතේ මෙම සමාගම්වලට අවම වශයෙන් වසරක හෝ මාස 6ක කාලයක් සඳහා තම සමාගම්වලින් ඉන්ධන ආනයනය කිරීමට අවසර ලබා දෙන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.