31 C
Colombo
Monday, April 28, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඅධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් නව නීතියක්

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් නව නීතියක්

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් නව නීතියක් පැනවීම සඳහා පනත් කෙටුම්පතක් සකසන ලෙස නීති කෙටුම්පත් සම්පාදකවරයාට උපදෙස් ලබාදීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

මෙරට නීතිය තුළ අධිකරණයට අපහාස කිරීමේ වරද නිශ්චිත වශයෙන් නිර්වචනය කර නොතිබීම හේතුවෙන් එවැනි නඩු විභාග කිරීමට හා තීරණය කිරීමට, පැහැදිලි සහ ඒකාකාරී ක්‍රියා පටිපාටියක් දැනට අනුගමනය නොකරයි.

මෙම නව නීතිය හඳුන්වාදීම තුළින් අධිකරණයට අපහාස කිරීම යන වරද නිර්වචනය කිරීමට බලාපොරොත්තු වෙයි. එමෙන්ම යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියට මැදිහත් වීමේ සීමාවන් සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස යටතේ වන සීමාවන් කොතෙක්ද යන්න කෙටුම්පත් වීමට නියමිතයි.