27.2 C
Colombo
Wednesday, December 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalධම්මිකගේ අමාත්‍යංශයේ විෂය පථයන් ගැසට් කෙරේ

ධම්මිකගේ අමාත්‍යංශයේ විෂය පථයන් ගැසට් කෙරේ

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය හා ආගමන විගමන දෙපාර්තමේන්තුව ඇතුළත් ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයේ විෂය පථය හා කාර්‍යයන් සඳහන් කරමින් ගැසට්ටුවක් මේ වනවිට නිකුත් කර තිබෙනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී, ව්‍යාපාරික ධම්මික පෙරේරා මෙම අමාත්‍යාංශයේ අමාත්‍යවරයා ලෙස පසුගිය 24 වැනිදා පත්කරනු ලැබුවා.

හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු ආසනය සඳහා ව්‍යාපාරික ධම්මික පෙරේරා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දීම පසුගිය සතියේ සිදුකළා.