― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalමම ඇමතිකම ගත්තේ මගේ සල්ලිවලින් මාසෙට මිලියන 50 ගානේ දෙන්න හිතන්

මම ඇමතිකම ගත්තේ මගේ සල්ලිවලින් මාසෙට මිලියන 50 ගානේ දෙන්න හිතන්

සිය පෞද්ගලික ධනයෙන් යාපනයට නව ආගමන විගමන කාර්යාලයක් ලබා දෙන බව අමාත්‍ය ධම්මික පෙරේරා පැවසීය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (27) රාත්‍රියේ රූපවාහිනී වැඩසටහනකට එක්වෙමිනි.

මම ඇමති ධුරය භාරගත්තේ මගේ පුද්ගලික සල්ලිත් මාසෙට මිලියන 50ගානේ දානවා කියලා හිතාගෙන. ඒ වගේ සල්ලියකින් මට දෙයක් කරන්න පුළුවන්. මම ආණ්ඩුවේ සල්ලි බලාපොරොත්තු වෙන්නේ නෑ.

දැනුත් වෙබ් සයිට් එකට ගියොත් අද දැම්මොත් කවද්ද එන්න පුළුවන් කියලා ඔන්ලයින් අගෝස්තු 23 තමා එන්නේ. එදාට තමා ඔබට/ මට පාස්පෝට් එක හම්බෙන්නේ. මෙහෙම දීලා ශ්‍රමිකයෝ රට යවන්න බැහැනේ. මේක වේගවත් කරන්න ඕනේ. මාව ආය ගෙන්වන්න මාසයකින් දෙකකින් විතර. ගෙනල්ලා ඔය ප්‍රශ්න ටික ඔක්කෝම අහන්න.

මාතර ශාඛාවක් තියෙනවා. ඒකේ එක්දින සේවය නෑ. ඒ නිසා මාතර පැත්තේ අය කොළඹ ඇවිල්ලා රෑ නිදිමරලා, පෙට්ටිවල බුදියගෙන ඉන්නේ. ඒ නිසා එක්දින සේවය මාතර පටන් ගන්නවා. මහනුවර තියෙනවා ශාඛාවක් ඒකෙත් එක්දින සේවය නෑ. එතන අයත් කොළඹ ඇවිත් තමා එක්දින සේවය ගන්න පෝලිමේ ඉන්නේ. එතැනත් ඒක පටන් ගන්නවා. වව්නියාව, යාපනය ඉන්න අයත් කොළඹට එනවා. වව්නියාවෙත් පටන් ගන්නවා. මට කුරුණෑගල නම් පින්ටර් එකක් නෑ කියලා තමා තියෙන්නේ. මට ජනාධිපතිතුමා කිව්වා තව පළාත් පහක කාර්යාල 5ක් අරින්න කියලා. පළවෙනි එක මගේ සල්ලිවලින් මම යාපනයේ අරිනවා. ටෙන්ඩර් කෝල් කරන්න ගියොත් මාස 6ක් වගේ යනවා නේ. අනිත් ඒවට ඩොනේෂන් වගේ ගන්න පුළුවන් නම් ඉතුරු 4ත් ඒ විදියට හදාගන්නවා.”