― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalමාස තුනකින් රට ගොඩදාන්න බැරි වුණොත් ඉල්ලා අස්වෙනවා

මාස තුනකින් රට ගොඩදාන්න බැරි වුණොත් ඉල්ලා අස්වෙනවා

පැය 960ක් ඇතුළත ප්‍රගතිශීලී කිසිවක් කිරීමට තමාට නොහැකි වුවහොත් තමන් ඉල්ලා අස්වන බව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා පැවසීය.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේද කීය.

මිනිස්සු බඩගින්නේ ඉන්නකොට අපි තනියම කන එකේ තේරුමක් නෑ. පාර්ලිමේන්තුවට ගිහින් මොනවා හරි කරන්න කියලා අම්මා මාව පාර්ලිමේන්තු යැව්වා. මගේ බිරිඳත් මට උපදෙස් දුන්නා ‘ඔයාට මාස 6ක් ඇතුළත වැඩක් කරන්න බැරි නම් ඉල්ලා අස්වෙන්න’ කියලා. මං එහෙම නොකළොත් ‘තාත්තා කම් හෝම්’ යනුවෙන් පුවරු ඔසවන බව දරුවෝ කිව්වා.

ඒ නිසා මට තියෙන්නේ මාස 6ක කාලයක්. ඒ කියන්නේ මට වැඩ කරන්න තියෙන්නේ පැය 960ක කාලයක්. මම වගේ කෙනෙකුට මාස 06ක් ඇතුළත ජනතාවට ප්‍රගතිශීලී දෙයක් කරන්න බැරි නම් තනතුරු දැරීමෙන් ඇති ප්‍රයෝජනය මොකක්ද?

ධම්මික පෙරේරා තම වැඩ ඉලක්ක ලැයිස්තුගත කර ඇති ලේඛනයක්ද ප්‍රකාශයට පත් කර ඇති අතර ඩොලර් ලබා ගන්නේ කෙසේද යන්න පිළිබඳ උපදෙස් එහි ඇතුළත් කර තිබේ.

බංකොලොත් සමාගම්වල වගකීම භාරගෙන ඒවා ගොඩනැංවීමේ කළමනාකාරිත්වය ඇති තමාට රටේ වත්මන් ආර්ථික අර්බුදයේ අභියෝගය ජය ගැනීමට හැකිවනු ඇති බව ඔහු ඔහු විශ්වාසය පළ කළේය.