― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalලංකාවට සහය දෙන්නැයි ඇමරිකාව ජාත්‍යන්තරයෙන් ඉල්ලයි

ලංකාවට සහය දෙන්නැයි ඇමරිකාව ජාත්‍යන්තරයෙන් ඉල්ලයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති සබඳතාව ශක්තිමත්ව පවත්වාගෙන යාමට සෑම මට්ටමකදීම අඛණ්ඩව සහය වන බව මෙරටට පැමිණ සිටින ඇමරිකානු රාජ්‍යත්‍රාන්ත්‍රික ධූත පිරිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ප්‍රකාශ කර තිබේ.

රාජ්‍යත්‍රාන්ත්‍රික ධූත පිරිස අද (28) කොටුව ජනාධිපති මන්දිරයේදී ජනාධිපතිවරයා හමුවූ අවස්ථාවේදී මේ බව ප්‍රකාශ කර තිබේ.

එහිදී ජනාධිපතිවරයා විසින් රටේ පවතින ආර්ථික අසීරුතාවය, සාමාජීය අපහසුතාවය හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පැවැත්වෙන සාකච්ඡාවල ප්‍රගතිය සම්බන්ධයෙන් ඔවුන් දැනුවත් කළේය.

ශ්‍රී ලංකාවේ අනාගතය ගැන ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් ඉතා උනන්දුවෙන් පසුවන බවත් අවශ්‍ය සහය ලබා දෙමින් උපකාර කිරීමට කටයුතු කරන ලෙසත් ඇමරිකානු ජනාධිපතිවරයා උපදෙස් ලබා දුන් බව මෙරටට පැමිණ සිටින නියෝජිතයින් ජනාධිපතිවරයා වෙත දැනුම් දී ඇත.

ඖෂධ සහ අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ලබා ගැනීමට ණයවර ලිපි නිකුත් කිරීමේදී ශ්‍රී ලංකාවට සහය වන ලෙස ජාත්‍යන්තර බැංකු වෙතින් ඉල්ලා සිටීමට කටයුතු කරන බව ඇමරිකානු නියෝජිතයින් කියා සිටියේය.