― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsවිදුලි බිල වැඩිවෙන හැටි ප්‍රසිද්ධියට පත් කෙරේ

විදුලි බිල වැඩිවෙන හැටි ප්‍රසිද්ධියට පත් කෙරේ

ලංකා විදුලිබල මණ්ඩලය විසින් විදුලි ගාස්තු සංශෝධනයට අදාළව ඉදිරිපත් කළ යෝජනා හා ඊට මහජන උපයෝගිතා කොමිෂන් සභාව ලබාදුන් නිර්දේශ මේ වනවිට ප්‍රසිද්ධියට පත්කර තිබේ.

මහජන උපයෝගිතා කොමිෂන් සභාව සඳහන් කළේ මෙම යෝජනා හා නිර්දේශ සම්බන්ධයෙන් අද (28) සිට සති 03ක කාලයක් මහජන අදහස් ලබාගැනීමට නියමිත බවයි.

ඒ අනුව විදුලි ඒකක 30ක පරිභෝජනයක් සහිත නිවසක මාසික විදුලිබිල්පතේ සාමාන්‍ය රුපියල් 54.27 සිට රුපියල් 507.65ක් දක්වා ඉහළ නැංවීමට ලංකා විදුලිබල මණ්ඩලය යෝජනා කර තිබේ.

මෙම සියයට 835ක අපේක්ෂිත මිල ඉහළ නැංවීමක් වන අතර එමෙන්ම විදුලි ඒකක 60ක පරිභෝජනයක් සහිත නිවසක මාසික බිල්පතේ සාමාන්‍ය රුපියල් 192.55 සිට රුපියල් 1,488.33ක් දක්වා ඉහළ නැංවීමට යෝජනා වී තිබේ.

එය සියයට 673ක මිල ඉහළ නැංවීමක් ලෙස දැක්වෙන අතර ඒකකයකට අය කළ යුතු මුදල සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිසම නිර්දේශ ඉදිරිපත් කර ඇත.
ඒ අනුව මුල් විදුලි ඒකක 30 සඳහා එක් ඒකකයක් රුපියල් 2.50 සිට රුපියල් 8.00ක් දක්වා ඉහළ නැංවීමට එම කොමිසමේ යෝජනාවලට ඇතුළත්ය.

එම ඒකක 30 සඳහා පැවති රුපියල් 30ක් වූ මාසික ස්ථාවර ගාස්තුව රුපියල් 150ක් දක්වා ඉහළ දැමීමට යෝජනා වී තිබේ. එමෙන්ම විදුලි ඒකක 31සිට 60 දක්වා වූ විදුලි බිල්පතක ඒකකයක් සඳහා අය කළ රුපියල් 4.85ක ගාස්තුව රුපියල් 10.00ක් ලෙස වැඩි කිරීමටත් එම බිල්පත සඳහා පැවති රුපියල් 60.00ක ස්ථාවර ගාස්තුව රුපියල් 300 දක්වා ඉහළ දැමීමටත් මහජන උපයෝගිතා කොමිසම විසින් ඉදිරිපත් කළ යෝජනාවල ඇතුළත්ය.

https://bit.ly/3Aa3Jnp