31 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsවිදෙස් සමාගම්වලට මෙරට ඉන්ධන අලෙවියට අවසර

විදෙස් සමාගම්වලට මෙරට ඉන්ධන අලෙවියට අවසර

ඉන්ධන නිෂ්පාදනය කරන රටවල ස්ථාපිත සමාගම්වලට මෙරට ඉන්ධන ආනයනය හා සිල්ලර විකුණුම් වෙළෙඳපොළ විවෘත කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

මෙරට සමස්ත ඉන්ධන සැපයුමෙන් 90%ක් පමණ ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථා විසින් සපයන අතර ඉතිරි 10%ක ප්‍රමාණය ඉන්දියානු තෙල් සමාගම විසින් සපයනු ලබයි.

ඒ අනුව විධිමත් ක්‍රමවේද අනුගමනය කරමින් තෝරාගනු ලබන තෙල් සමාගම් සමඟ දිගුකාලීනව ගිවිසුම් ගතවීම සඳහා ඛනිජතෙල් අමාත්‍යවරයා විසින් මෙම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇත.

විදෙස් ඛනිජතෙල් නිෂ්පාදනය කරන රටවල තෙල් සමාගම් සමඟ දිගුකාලීනව ගිවිසුම්ගතව මෙරට විදේශ විනිමය ගැටලුවට පීඩනයක් ඇති නොවන අයුරින් එම සමාගම්වල අරමුදල් උපයෝගී කරගෙන ඉන්ධන ආනයන කර අලෙවි කිරීමට එම සමාගම් සඳහා අවස්ථාව සැලසෙයි.