― political ―

2019 වගේ ආයෙත් පුහු වීරයෙක්ට රැවටෙන්න එපා

මීට වසර 5කට පෙර ජනතාව රැවටී බංකොලොත් වූ බවත් මෙවර අප තීරණ ගත යුත්තේ පවතින බංකොලොත් භාවයෙන් ගොඩ එනවාද නැතිනම් පවතින බංකොලොත්භාවයෙන් තවත් බංකොලොත්භාවයට...
HomeNewsතෙල් පෝලිමේ සිටි තවත් අයෙක් ජීවිතක්ෂයට

තෙල් පෝලිමේ සිටි තවත් අයෙක් ජීවිතක්ෂයට

දර්ගා නගරයේ අයිඕසී ඉන්ධන පිරවුම්හලේ ඊයේ (28) රාත්‍රියේ ලොරි රථයකට ඩීසල් ලබා ගැනීමට කුලී පදනම මත පෝලිමේ සිටි පුද්ගලයෙකු ඉන්ධනහල ඉදිරිපිට ප්‍රධාන මාර්ගය හරහා පාරමාරු වීමට යාමේදී අලුත්ගම දෙසින් වැලිපැන්න දෙසට ගමන් ගත් ටිපර් රථයක ගැටී මියගොස් ඇතැයි අලුත්ගම පොලිසිය පවසයි.

අනතුර සිදු කළ බව කියන සැකකාර රියදුරාද දර්ගා නගරයේ ඉන්ධන පෝලිමේ සිට රාත්‍රී ආහාර ගැනීමට අලුත්ගම නගරයට ගොස් නැවත දර්ගා නගරය දෙසට පැමිණීමේදී පාර මාරු වූ පුද්ගලයා මෙම ටිපර් රථයෙගැටී මියගොස් ඇති බව පරීක්ෂණ සිදුකරන අලුත්ගම පොලිසිය කියයි.

මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ දර්ගා නගරය, පුවක් වත්ත, අලවතුගොඩ අංක 187/3 ලිපිනයේ පදිංචිව සිටි සිංගප්පුලිගේ ආනන්ද (58) නැමැති විවාහකයෙකු බව පොලිස් විමරශනවලදී අනාවරණය වී තිබේ.

මියගිය පුද්ගලයා වෙනත් අයෙකුට අයිති ලොරි රථයකට ඩීසල් ලබාගැනීම වෙනුවෙන් එදින රාත්‍රියේ එම ලොරියක් සමඟ ඉන්ධනහල් පෝලිමේ ගත කරමින් සිටියදී අලුත්ගම වැලිපැන්න දක්ෂිණ අධිවේගී ප්‍රවේශ මාර්ගය හරහා දර්ගා නගරයේ ඉන්ධන හල ඉදිරිපිටින් පාර මාරුවීමට යාමේදී සිදුවූ අනතුරෙන් මියගොස් තිබේ.

මිය ගිය පුද්ගලයාගේ මෘත දේහය අලුත්ගම රෝහලේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා කළුතර නාගොඩ රෝහලට රැගෙන යාමට නියමිතය.