26.7 C
Colombo
Monday, July 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalදේශබන්දු මාරු නොකිරීමට නීතිපති හේතු විමසයි

දේශබන්දු මාරු නොකිරීමට නීතිපති හේතු විමසයි

බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට වහාම ස්ථාන මාරුවක් ලබා දෙන්නැයි නීතිපතිවරයා විසින් සිදුකළ ඉල්ලීම පැහැර හැරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයාට ලිපියක් යොමුකර තිබේ.

දේශබන්දු තෙන්නකෝන්ට ස්ථාන මාරුවක් ලබා නොදීම, මැයි 09 වැනිදා සිදු වූ ප්‍රචණ්ඩකාරී සිදුවීම් සම්බන්ධයෙන් සිදුවන පොලිස් පරීක්ෂණවල බලපෑමක් වියහැකි බව සබුද්ධික ඕනෑම පුද්ගලයෙකුට වැටහෙන බව නීතිපතිවරයා සිය ලිපියෙන් අවධාරණය කර තිබේ.

නියෝජ්‍ය පොලිස්පතිවරයා මාරු කිරීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස අධිකරණය පසුගියදා නීතිපතිවරයා වෙත නියෝග කර තිබූ අතර ඒ සම්බන්ධයෙන්ද ඔහු සිය ලිපියේ සඳහන් කර ඇත.

මැයි 09 වැනිදා රටපුරා ඇති වූ ප්‍රචණ්ඩකාරී සිදුවීම්වලට පාදක වූ, ගෝඨාගෝගම සහ මයිනාගෝගම විරෝධතාවලට එල්ල වූ ප්‍රහාරය වළක්වා ගැනීමට අසමත්වීම සම්බන්ධයෙන් හා ප්‍රහාරය සිදුකළ පුද්ගලයන්ට ඒ සඳහා අවකාශ සැළසීම සම්බන්ධයෙන් දේශබන්දු තෙන්නකෝන්ට චෝදනා එල්ල වී තිබේ.