32.8 C
Colombo
Monday, March 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනිවෙස් තුළදී සිදුවන දරු උපත් ඉහළට

නිවෙස් තුළදී සිදුවන දරු උපත් ඉහළට

පසුගිය දින කිහිපය තුළ රටපුරා නිවාසවල සිදු වූ දරු උපත් සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව රජයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සභාපති දේවිකා කොඩිතුවක්කු පැවසුවේ ඉන්ධන අර්බුදය හමුවේ රෝහල්වලට යාමට ඇති අපහසුව සහ මූල්‍ය ගැටලු හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වී ඇති බවයි.

පසුගිය දින දෙක තුළ නිකවැරටිය, පිටකොටුව, මෝදර ඇතුළු ප්‍රදේශ කිහිපයකින් මෙවැනි සිදුවීම් වාර්තා වී ඇති අතර පවුල් සෞඛ්‍ය සේවිකාවන්ගේ සහය ඇතිව මෙලෙස දරු ප්‍රසූතිය සිදු කර තිබේ.

එමෙන්ම එම මවුවරුන් හා බිළිඳුන් යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමයේ සභාපතිනි දේවිකා කොඩිතුවක්කු පැවසුවාය.