― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalබැසිල් තවත් පිම්මකට සූදානම් වෙයි

බැසිල් තවත් පිම්මකට සූදානම් වෙයි

අද (29) සිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විශේෂ අභ්‍යන්තර සාකච්ඡා වට කිහිපයක් ආරම්භ කිරීමට නියමිත බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පොදුජන පෙරමුණු මූලස්ථානයේදී මෙම සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ කාන්තා හා තරුණ සංවිධාන, වෘත්තීය සමිති, පළාත් පාලන සංසදයේ නියෝජිතයන් ඇතුළු පිරිසක් මෙම සාකච්ඡා සඳහා සහභාගි වන බව වාර්තා වෙයි.

රටේ වත්මන් අර්බුද විසඳීමට ගත හැකි පියවර හා පක්ෂය බලගැන්වීම් ඇතුළු රටේ ප්‍රධාන කාරණා රාශියක් පිළිබඳවද මෙහිදී සාකච්ඡා කරනු ඇතැයි පැවසෙනවා.