28.4 C
Colombo
Saturday, June 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalමහබැංකු අධිපති ගැන තීරණය ජනපතිට දන්වයි

මහබැංකු අධිපති ගැන තීරණය ජනපතිට දන්වයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ වත්මන් අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ඉදිරි වසර 06ක කාලය වෙනුවෙන්ද මහ බැංකු අධිපති ධූරය සඳහා නිර්දේශ කර ඇති බව වාර්තා වේ.

වත්මන් මහ බැංකු අධිපතිවරයාගේ නිල ධූර කාලය හෙටින් (30) අවසන් වීමට නියමිතය. 2016 ජූනි මාසයේදී ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයා වශයෙන් වැඩ භාර ගත් නිල ධූර කාලය එලෙස හෙට දිනයේදී අවසන් වීමට නියමිතය. මෙම ධූර කාලපරිච්ඡේදය තුළ සිව්දෙනකු එනම්, ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි, මහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන්, අජිත් නිවාඩ් කබ්රාල් සහ ආචාර්ය නන්දලාල් වීරසිංහ යන අය මහ බැංකු අධිපති ධූරය හොබවා තිබීම විශේෂත්වයකි.

මහබැංකු අධිපතිවරයාගේ සේවය දීර්ඝ කිරීමට අදාළ නිර්දේශ මුදල් අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් ජනාධිපතිවරයා වෙත යොමු කර තිබේ.