― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsකොන්සියුලර් සේවා දින 03කට සීමා වෙයි

කොන්සියුලර් සේවා දින 03කට සීමා වෙයි

රට තුළ පවතින වත්මන් තත්ත්වය හේතුවෙන්, අද (ජූනි 30) – ජූලි 10දා දක්වා බලපැවැත්වෙන පරිදි සිය කොන්සියුලර් කටයුතු අංශය විසින් මහජනතාවට සේවා සපයනු ලබන්නේ සඳුදා, බදාදා සහ සිකුරාදා යන දිනවල පමණක් බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි.

යාපනය, මාතර, මහනුවර, ත්‍රිකුණාමලය සහ කුරුණෑගල පිහිටි ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාලවල ද ඉහත සඳහන් දිනවල සේවා සපයනු ලැබේ.

හදිසි අවස්ථා සඳහා පහත සඳහන් විද්‍යුත් ලිපින ඔස්සේ සම්බන්ධ වන ලෙස මෙම අංශය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

· කොන්සියුලර් කටයුතු අංශය- කොළඹ- [email protected]
· ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාලය- යාපනය- [email protected]
· ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාලය – මාතර- [email protected]
· ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාලය – මහනුවර- [email protected]
· ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාලය -ත්‍රිකුණාමලය – [email protected]
· ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාලය – කුරුණෑගල- [email protected]