22.2 C
Colombo
Thursday, January 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඇන්ජලෝ මැතිව්ස්ට කොරෝනා

ඇන්ජලෝ මැතිව්ස්ට කොරෝනා

ඔස්ට්‍රේලියා – ශ්‍රී ලංකා පළමු ටෙස්ට් තරගයේ තෙවැනි දිනය අදයි.

ලකුණු 109ක් පිටුපසින් සිටිමින් සිය දෙවැනි ඉනිම ඇරඹූ ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට කඩුලු දෙකක් දැවී ලකුණු 39 ක් රැස් කරගෙන සිටී.

නායක දිමුත් කරුණාරත්න ලකුණු 23කට දැවීගිය අතර පැතුම් නිශ්ශංකට ලබා ගැනීමට හැකිවූයේ ලකුණු 14ක් පමණි.

කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායමේ මැදපෙළ පිතිකරු ඇන්ජලෝ මැතිව්ස්ට තරගය අහිමි වී තිබේ.

ඔහුගේ ස්ථානය සඳහා ඕෂධ ප්‍රනාන්දු කැඳවා ඇති අතර ඒ අනුව ඕෂධ ප්‍රනාන්දුට දෙවැනි ඉනිමේදී පන්දුවට පහරදීමේ අවස්ථාව හිමි වේ.

කොවිඩ් ආසාදිත මැතිව්ස් දින 05 ක නිරෝධායනය සඳහා යොමුකර තිබේ.