25 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsPolitical'කටාර් චැරිටි' තහනමත් රිවර්ස් වෙයි

‘කටාර් චැරිටි’ තහනමත් රිවර්ස් වෙයි

වසර 2019දී ශ්‍රී ලංකාව විසින් ‘කටාර් චැරිටි’ නම් පුණ්‍යාතනය මත පැනවූ තහනම ඉවත් කිරීමට තීරණය කර ඇති බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පැවසීය.

මේ දිනවල කටාර් රාජ්‍යයේ නිල සංචාරයක නිරතවෙමින් සිටින අමාත්‍යවරයා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියේ තමා ඊයේ දිනයේදී ‘කටාර් චැරිටි’ නිලධාරීන් හමුවූ බවයි.

එය මත 2019දී පනවන ලද තහනම ඉවත් කිරීමට ආරක්ෂක අමාත්‍යංශය විසින් ගත් තීරණය නීතිපතිවරයාට දන්වා ඇති බවට ඔවුන්ව දැනුවත් කළ බව අමාත්‍යවරයා පවසයි. ශ්‍රී ලංකාව තුළ සහ ගෝලීය මට්ටමෙන් පුණ්‍යායතනයේ වැඩකටයුතු පිළිබඳවද මෙහිදී සාකච්ඡා කළ බව ඔහු වැඩිදුරටත් පවසා ඇත.

හිජාස් හිස්බුල්ලා නඩුවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට පවසා තිබුණේ ‘කටාර් චැරිටි’ ත්‍රස්තවාදයට සම්බන්ධ ක්‍රියාකාරකම් සඳහා අරමුදල් සපයන බවයි.

වසර 2019දී කොළඹ ‘කටාර් චැරිටි’ පුණ්‍යායතන කාර්යාලය විවෘත කිරීමේ උත්සවයට සහභාගී වූ වත්මන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසද ත්‍රස්තවාදී සංවිධානයකට සහාය දක්වන බවට බොදු බල සේනා සංවිධානය චෝදනා කර තිබුණි.

‘කටාර් චැරිටි’ යනු කටාර් රාජ්‍යයේ ප්‍රධානතම පුණ්‍යාධාර ආයතනය වන අතර එහි ලියාපදිංචි කරන ලද කාර්යාලයක් ශ්‍රී ලංකාවේද ඇත.