29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsPoliticalගමන් බලපත්‍ර ගන්න දැන් බත්තරමුල්ලටම එන්න ඕනෙ නෑ - ධම්මික

ගමන් බලපත්‍ර ගන්න දැන් බත්තරමුල්ලටම එන්න ඕනෙ නෑ – ධම්මික

ලබන සඳුදා සිට මාතර, වවුනියාව සහ මහනුවර යන ප්‍රදේශවල විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ මධ්‍යස්ථාන විවෘත කරන බව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා පැවසීය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ කොළඹ පැවති උත්සවයක් අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ විදේශ රැකියා සඳහා පිටත්ව යන අයගේ ප්‍රයෝජනය සඳහා එක්දින ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ මධ්‍යස්ථාන දැන් ඉහත සඳහන් ස්ථානවල විවෘත කර ඇති බවයි.

දුර පළාත්වල වෙසෙන ජනතාවට මින් ඉදිරියට බත්තරමුල්ලට පැමිණීමට අවශ්‍ය නොවන බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.