31 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsජපානය ශ්‍රී ලංකාවට උදව් කිරීම ප්‍රතික්ෂේප කරයි

ජපානය ශ්‍රී ලංකාවට උදව් කිරීම ප්‍රතික්ෂේප කරයි

පවතින තත්ත්වය තුළ ශ්‍රී ලංකාවට සහය නොදෙන බව ජපානය ප්‍රකාශ කර තිබේ.

ඉංග්‍රීසි මාධ්‍ය වාර්තාවකට අනුව කොළඹ ජපාන තානාපති Misukoshi Hideki පෙරේදා (29) දෙමළ ජාතික සන්ධානය (TNA) සමඟ පැවති හමුවකදී මේ බව ප්‍රකාශ කර තිබේ.

ශ්‍රී ලංකාවට ලබාදෙන මූල්‍යාධාර වැරදි ලෙස කළමනාකරණය කිරීමේ අවදානමක් පවතින බවත් ඒ නිසා ජපානය මේ අවස්ථාවේදී ශ්‍රී ලංකාවට උදව් නොකරන බවත් පවසා ඇති බව වාර්තා වෙයි.

කෙසේ වෙතත් ජපානය එය පසුව සලකා බැලිය හැකි බවත් පවසා ඇතැයි වාර්තා වෙයි.