29.5 C
Colombo
Wednesday, July 9, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsතැපැල් දෙපාර්තමේන්තුවට කෝටි 02ක ආදායමක් අහිමි වෙයි

තැපැල් දෙපාර්තමේන්තුවට කෝටි 02ක ආදායමක් අහිමි වෙයි

තැපැල් සේවකයින් ආරම්භ කර ඇති වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් මේ වන විට කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ විදේශ අංශයේ තැපැල් මලු 400 කට ආසන්න ප්‍රමාණයක් ගොඩ ගැසී ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.

ඒ හේතුවෙන් රුපියල් කෝටි 02කට අධික ආදායමක් තැපැල් දොපර්තමේන්තුවට අහිමි වී ඇති බවත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ නිරත තැපැල් සේවකයින් තවදුරටත් සේවයට වාර්තා නොකළහොත් සේවය හැර ගියා සේ සලකන බවත් තැපැල්පති රංජිත් ආරියරත්න ප්‍රකාශ කළේය.

ඉන්ධන අර්බුදය හේතුවෙන් මේ වන විට තැපැල් සේවා ක්‍රියාත්මක වන්නේ අඟහරුවාදා, බදාදා සහ බ්‍රහ්සපතින්දා යන දින 3 තුළ පමණයි.