මෙරට ආර්ථික අර්බුදය මඟහරවා ගැනීම සඳහා රුසියානු සමූහාණ්ඩුවේ සහය ලබා දෙන බවට රුසියානු තානාපතිවරයා සහතික වී තිබේ.
ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති යූරි මැටේරි ඊයේ (30) විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ජී.එල්. පීරිස් හමු වූ අවස්ථාවේදී තානාපතිවරයා මේ බව සහතික වී තිබේ.
දෙරට අතර බහුවිධ ද්විපර්ශිකව සබදතා ඉහළ නැවීම අරමුණු කර ගත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් එහිදී අවධානය යොමු වී ඇති අතර පවතින ආර්ථික අර්බුධයෙන් මිදීම සඳහා ගෙන ඇති පියවර කිහිපයක් සම්බන්ධයෙන් ජී.එල්. පීරිස් එහිදී තානාපතිවරයා දැනුවත් කර ඇත.