27.2 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජනතාවට සහන දෙන්න රජයෙන් බිලියන 200ක්

ජනතාවට සහන දෙන්න රජයෙන් බිලියන 200ක්

අඩු ආදායම්ලාභී පවුල් සඳහා සහන සැලසීමට රජය රුපියල් බිලියන 200ක මුදලක් වෙන් කිරීමට තීරණය කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ජීවන වියදම් කමිටුව රැස් වූ අවස්ථාවේදී මෙම තීරණය ගත් බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ඒ අනුව රටේ සිටින සියලු‍ම අඩු ආදායම්ලාභී පවුල් සඳහා එක් පවුලකට රුපියල් 7500- රුපියල් 10,000 දක්වා බැගින් වූ මුදලක් වෙන් කිරීමට නියමිත බව වාර්තා වෙයි.

මේ අතර දුෂ්කර ප්‍රදේශවල ළදරු පාසැල්වල සිටින සියලු‍ම දරුවන්ට පෝෂ්‍යදායි ආහාරවේලක් සැපයීමට ද මෙම කමිටුව විසින් අවධානය යොමු කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය නිවේදනය කරයි.