24 C
Colombo
Tuesday, October 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsතැපැල් සේවකයින්ට රතු එළි

තැපැල් සේවකයින්ට රතු එළි

වහාම ක්‍රියාත්මක වන පරිදි සේවයට වාර්තා නොකළහොත් වර්ජනයේ නිරත තැපැල් සේවකයින් සේවය අතහැර ගියා සේ සලකා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව තැපැල්පති රංජිත් ආරියරත්න පවසයි.

අද (02) මේ සම්බන්ධයෙන් වෘත්තිය සමිති වෙත ලිඛිතව දැනුම් දීමට කටයුතු කිරීමට නියමිතය.

ඉන්ධන හිඟයත් සමඟ රට තුළ පවතින අර්බුදකාරී වාතාවරණය හේතුවෙන් අගහරුවාදා, බදාදා සහ බ්‍රහස්පතින්දා දිනවල පමණක් දිවයින පුරා පිහිටි තැපැල් කාර්යාල සහ උප තැපැල් කාර්යාල විවෘත කිරීමට පසුගියදා තීරණය කෙරුණ අතර ඊට විරෝධය පළකරමිනුයි පසුගිය 26 වනදා සිට තැපැල් වෘත්තිය සමිති විසින් මෙම වර්ජනය ආරම්භ කළේය.

මෙම වර්ජනය හේතුවෙන් මධ්‍යම තැපැල් හුවමාරුවේ සහ විදේශ අංශයේ තැපැල් මලු සැලකිය යුතු ප්‍රමාණයක් ගොඩගැසී ඇති බව වාර්තා වෙයි.