31 C
Colombo
Tuesday, September 30, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉන්ධන පිරවුම්හලේ චන්ඩි පාට් දැමූ හමුදා ලොක්කාට වැඩ වරදියි

ඉන්ධන පිරවුම්හලේ චන්ඩි පාට් දැමූ හමුදා ලොක්කාට වැඩ වරදියි

ඉන්ධන පිරවුම්හලක් තුළදී හමුදා නිලධාරියෙකු විසින් තරුණයෙකුට පහර දෙන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ සංසරණය වනවා.

කුරුණෑගල, යග්ගපිටිය ප්‍රදේශයේ පිහිටි ඉන්ධන පිරවුම්හලක දී මෙම පහරදීම සිදුකර ඇති බවටයි තොරතුරු වාර්තා වුණේ.

කෙසේ වෙතත් අදාළ වීඩියෝව සමාජ මාධ්‍ය මාධ්‍ය වෙත මුදාහැරි පුද්ගලයාට, විවිධ පුද්ගලයින් විසින් මේ වනවිට දුරකථනය ඔස්සේ තර්ජන එල්ල කරන බව අදාළ පුද්ගලයා අප සමඟ සඳහන් කළා.

මෙම තර්ජන හමුවේ තමන් මේ වනවිට බියට පත්ව සිටින බවයි ඔහු වැඩිදුරටත් අප සමඟ ප්‍රකාශ කර සිටියේ. මේ අතර අදාළ පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බව යුද හමුදාව පවසනවා.

එමෙන්ම එම නිලධාරියාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ආයතනික මට්ටමින් පරීක්ෂණයක් සිදුකරන බවයි හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේ.