29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsPoliticalකරන්ට් කපන වෙලාව කියන්න කොමිසමක් මොකටද? - ඇමති කංචන

කරන්ට් කපන වෙලාව කියන්න කොමිසමක් මොකටද? – ඇමති කංචන

විදුලිය විසන්ධි කරන වේලාවන් පැවසීමට මහජන උපයෝගිතා කොමිෂන් සභාවක් මේ රටට අවශ්‍ය නොවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පැවසීය.

අමාත්‍යවරයා මේ බව අවධාරණය කළේ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ඊයේ (04) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනනි.

මහජන උපයෝගිතා කොමිෂන් සභාව කළ යුත්තේ විදුලිබල ව්‍යාපෘති කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා කටයුතු කිරීමත් එම ව්‍යාපෘතිවලට අකුල් හෙළන පාර්ශවයන්ට විරුද්ධව ක්‍රියාමාර්ග ගැනීම බවත් අමාත්‍යවරයා එහිදී දැඩි අප්‍රසාදයෙන් කියා සිටියේය.

විදුලිබිල වැඩි කරන්නැයි කීමට මහජන උපයෝගීතා කොමිසමක් රටට අවශ්‍ය නොවන බවත් එය මහජනතාව වෙනුවෙන් පෙනී සිටින ආයතනයක් බැවින් එය කටයුතු කළ යුත්තේ විදුලි බිල අවම කර ගැනීම සඳහා ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට දායක වීමට බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.