28.4 C
Colombo
Wednesday, July 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalකෙටි කාලයකට අගමැතිකම දෙන්න - අනුර කුමාර දිසානායක

කෙටි කාලයකට අගමැතිකම දෙන්න – අනුර කුමාර දිසානායක

කෙටි කාලයක් සඳහා තමාට අගමැති ධූරය ලබාදෙන ලෙසත් රට මුහුණ දී සිටින අර්බුදයෙන් රට ගොඩ ගැනීමට ජාතික ජන බලවේගය සූදානම් බවත් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසයි.

තමාට අගමැති ධුරය ලබා දෙන්නේ නම් මේ වනවිට උද්ගතව ඇති ඉන්ධන, ගෑස්, විදුලිය, අත්‍යාවශ්‍ය ආහාර සහ කෘෂිකර්මාන්තය යන ගැටලුවලට ඉතා කෙටි කාලයක් තුළ විසඳුම් ලබාදිය හැකි බව ඔහු එහිදී සඳහන් කළේය.

පාලකයන් සොරාකන නිසා විදේශයන්හි සේවය කරන ශ්‍රී ලාංකිකයන් මෙරටට ඩොලර් එවන්නේ නැති බවත් ජනතා ප්‍රශ්න නොතේරෙන නායකයින්ට කිසිදා ප්‍රශ්නවලට විසඳුම් ලබාදිය නොහැකි බවත් ඔහු අවධාරණය කළේය.