― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsත්‍රස්ත ප්‍රහාරයක් ගැන පොලිස්පතිගෙන් ආරක්ෂක ලේකම්ට විශේෂ ලිපියක්

ත්‍රස්ත ප්‍රහාරයක් ගැන පොලිස්පතිගෙන් ආරක්ෂක ලේකම්ට විශේෂ ලිපියක්

ඉදිරියේදී එල්ල විය හැකි ත්‍රස්ත ප්‍රහාරයක් සම්බන්ධයෙන් දැනුම්වත් කරමින් පොලිස්පතිවරයා විසින් ආරක්ෂක ලේකම්වරයා වෙත විශේෂ ලිපියක් යොමුකර ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.

එම පක්ෂ මූලස්ථානයේ අද (04) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව අනාවරණය කළා.

පසුගිය ජුනි මස 27 වන දින අදාල ලිපිය පොලිස්පතිවරයා විසින් යවා ඇති අතර අදාල ලිපිය පසුගිය 29 වන දින ආරක්ෂක අමාත්‍යාංශය විසින් භාරගෙන ඇති බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

ජුලි මස 05 සහ 06 වනදා ආරම්භවන කළු කොටි සැමරුම ඉලක්ක කරගනිමින් විදේශ ඔත්තු සංවිධානයක් මැදිහත්ව උතුරේ හෝ දකුණේ බෝම්බ පිපිරවීමේ අවස්ථාවක් පවතින බවට අදාල ලිපියේ දක්වා යවා ඇති බවයි අනුර කුමාර දිසානායක සඳහන් කර සිටියේ.

මේ වනවිටත් යාපනය ප්‍රදේශයේ විදේශීය ආයතනවල සේවයකරන පිරිස් හා ප්‍රභූවරුන්ට 05 සහ 06 දිනවල කිසිදු උත්සවයකට සහභාගී නොවන ලෙස දැනුම් දී ඇති බවට එම ලිපියේ සඳහන් වන බවයි ඔහු වැඩිදුරටත් කරුණු දක්වමින් සඳහන් කළේ.