29.5 C
Colombo
Monday, September 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalතාත්තා සුවෙන් ඉන්නවා - නාමල් රාජපක්ෂ

තාත්තා සුවෙන් ඉන්නවා – නාමල් රාජපක්ෂ

මහින්ද රාජපක්ෂ යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.

හෙතෙම මේ බව ප්‍රකාශ කළේ අද (04) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

මහින්ද රාජපක්ෂගේ සෞඛ්‍ය තත්වය පිළිබඳ අසත්‍ය පුවත් නිර්මාණය කරමින් ජනතාව නොමග යැවීමෙන් වළකින්නැයි මන්ත්‍රීවරයා එහිදී සියලුදෙනාගෙන් ඉල්ලීමක් කළේය.

කටාර් රාජ්‍යයේ ඉන්ධන සමාගමක අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමජිකයන් අතර නාමල් රාජපක්ෂ යනුවෙන් නමක් සටහන් වී තිබීම පිළිබඳවද එම මාධ්‍ය හමුවේදී අදහස් පළ විය.

ඊට ප්‍රතිචාර දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ තමාට හෝ තම පවුලේ කිසිවෙකුට අදාළ සමාගම සමග සම්බන්ධතාවයක් නොමැති බවයි.