පසුගිය මස 28 වැනිදා තැපැල් වෘත්තිය සමිති විසින් ආරම්භ කර තිබූ වර්ජනය අත්හිටුවා තිබේ.
අද (04) පෙරවරුවේ ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් අනූෂ පැල්පිට සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව ඔවුන් මෙම තීරණයට එළඹ තිබේ.
පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් සතියට දින 03ක් පමණක් සේවා සඳහා වාර්තා කිරීමට ගෙන ඇති තීරණය මුල් කරගනිමින් ඔවුන් මෙම වර්ජනය ආරම්භ කරනු ලැබීය.
වෘත්තිය සමිති එහිදී පවසා සිටියේ මෙම තීරණය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම සඳහා නිසි ක්‍රමවේදයක් නොමැති බවයි.