26.7 C
Colombo
Tuesday, July 22, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsශ්‍රී ලංකාව අධි උද්ධමන කලාපයට

ශ්‍රී ලංකාව අධි උද්ධමන කලාපයට

ඩොලර් අර්බුදය මධ්‍යයේ ශ්‍රී ලංකාව අධි උද්ධමන කලාපයට ගමන් කර ඇති බව ලොව ප්‍රකට ව්‍යාපාරික පුවත් සේවයක් වන ‘බ්ලුම්බර්ග්’ සඳහන් කර තිබේ.

පසුගිය සතියේ නිකුත් කෙරුණු දත්තවලට අනුව 2022 ජූනි මාසයේදී ශ්‍රී ලංකාවේ උද්ධමනය 54% සීමාව ඉක්මවා යෑම මෙලෙස රට තුළ අධි උද්ධමනයක් ඇති කිරීමට හේතුවී තිබෙන බව බ්ලුම්බර්ග් පුවත් සේවය පවසයි.

මෙරට ඉතිහාසයේ පළමු වරට උද්ධමනය 50% සීමාව ජූනි මාසයේදී මෙලෙස ඉක්මවා ගොස් තිබිණි. එහි අර්ථය වන්නේ පෙර මාසයට වඩා ජනතාවගේ ‘ක්‍රය ශක්තිය’ හෙවත් භාණ්ඩ හා සේවා මිලදී ගැනීමට ඇති හැකියාව අඩකට වඩා වැඩි ප්‍රමාණයකින් ජූනි මාසයේදී අඩුවී ඇති බවයි.

ඉදිරියේදී විදුලි බිල ඇතුළුව තවත් අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවාවල මිල ඉහළ යෑමට නියමිත බැවින් මෙම අධි උද්ධමන තත්ත්වය තවදුරටත් ඉහළ ගොස් ජනතාව මත දැඩි පීඩනයක් පැටවෙනු ඇතැයිද බ්ලුම්බර්ග් වාර්තාවේ සඳහන් වේ.

ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදයට මැදිව සිටින ශ්‍රී ලංකාව පසුගිය සතියේ ඉන්ධන සැපයීම සීමා කළ අතර, ඉල්ලුම අඩු කිරීම සඳහා ජූලි 10 වනදා දක්වා නිවසේ රැඳී සිටින ලෙස රට වැසියන්ට දැනුම් දුන්නේය.

පසුගිය සතියේ ගෙවිය යුතු මුදල් සඳහා සැපයුම්කරුවන් බලකර සිටින බැවින් රටට මුදල් සඳහාවත් ඉන්ධන ලබා ගැනීමට නොහැකි වූ බව අගමැති රනිල් වික්‍රමසිංහ පසුගිය සතියේ ප්‍රකාශ කිරීමෙන් පසුව මෙම පියවර ගෙන ඇත.” යැයි බ්ලුම්බර්ග් වැඩිදුරටත් සඳහන් කර ඇත.