තමන් සහ කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වීමට සූදානම් බව අග්රාමාත්ය රනිල් වික්රමසිංහ අද (05) පාර්ලිමේන්තුවේ දී ප්රකාශ කළා.
ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පැවසූ මාස 06ක් තුළ රට ගොඩනගන වැඩපිළිවෙල ජනධිපතිවරයා වෙත ඉදිරිපත් කරන ලෙස ද අග්රාමාත්යවරයා මෙහිදී සඳහන් කළා.
ඒ අනුව අනුර කුමාර දිසානායකගේ සැලසුම සාර්ථක නම් තමන් සිය අග්රාමාත්ය ධුරයෙන් ඉල්ලා අස්වීමට සුදානම් බවයි අගමැතිවරයා ප්රකාශ කර සිටියේ.
ඒ සමඟ පාර්ලිමේන්තුවේ ඇති වූ උණුසුම් තත්ත්වයත් සමඟ සභාව විනාඩි 10කට කල් තැබීමටයි කතානායකවරයා තීරණය කළේ.